Bio‑Oil® / Bi-Oil® / Bioil®

උසස් නිෂ්පාදන ක්‍රියාකාරීත්වයක් අත්පත් කර ගැනීම පිණිස, තෙල් භාවිතා කරමින් Bio‑Oil විසින් පර්යේෂණය කර විශේෂඥ සම ආරක්ෂණ නිෂ්පාදන වැඩිදියුණු කරයි. සන්නාමය Bi-Oil® යන නමින් හැඳින්වෙන ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, ස්ලොවැකියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් හැර අනෙක් සියලු රටවල මෙම සන්නාමය ප්‍රකටව ඇත්තේ Bio‑Oil® ලෙසට වන අතර ජපානය තුළ Bioil® යන නම භාවිතා වේ.

පිළිබඳව

1987 වසරේදී සමේ කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වීම සඳහා තෙල් යොදාගැනීම සම්බන්ධයෙන් Bio‑Oil පෙරමුණ ගන්නා ලදි. එවකට වෙළඳපලෙහි තිබූ සෑම නිෂ්පාදනයක්ම ක්‍රීම් වර්ගයක් හෝ ආලේපන වර්ගයක් වූ අතර, මෙම නිෂ්පාදනය සඳහා හිමි වූයේ බෙහෙවින් සැක සංකා සහිත පිළිගැනීමකි. මේ වන විට මෙම නිෂ්පාදනය සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා යොදා ගනු ලබන ලොව ප්‍රමුඛතම නිෂ්පාදනය වේ. සමෙහි ඇති අනෙකුත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීම සඳහා තෙල් යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම පිණිස 2010 වසරේදී Bio‑Oil විසින් වි‍ශේෂඥ විද්‍යාගාරයක් ස්ථාපිත කරන ලදි. 2018 වසරේදී වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා එමගින් තෙල් පාදක වට්ටෝරුවක් එළිදක්වන ලදි. Bio‑Oil හි සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා වන මුල් නිෂ්පාදනයෙහි ස්වාභාවික සංස්කරණය 2020 වසරේ 3 වන කාර්තුවේදී එළිදැක්වෙනු ඇත. පසුගිය දශකයේ සිදු කෙරුණු විද්‍යාගාර නිර්මාණවලින් බොහොමයක්ම 2021 වසරේදී හඳුන්වා දෙනු ඇත. Bio‑Oil මඟින් සම්පූර්ණ වශයෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි ඉලක්ක කෙරෙන අතර, එහිදී එම නිෂ්පාදනවල අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන බලපත්‍ර ලොව වටා පිහිටි ප්‍රමුඛ පෙළේ සම ආරක්ෂණ සමාගම් වෙත පැවරෙනු ඇත. Bio‑Oil නිෂ්පාදන පිළිබඳ තොරතුරු සඳහා, කරුණාකර ඔබේ ප්‍රදේශයේ ඇති ඔසුහල වෙත යන්න. Bio‑Oil හි පර්යේෂණවල උනන්දුව යොමු කෙරෙන අංශ පහතින් දක්වා තිබේ.

සමේ කැළැල් සහ ඇදීම් සලකුණු

සම වැඩිදියුණු කිරීම සඳහා වන ඉහළ හැකියාවක් තෙල්වලට තිබේ. තෙල්වල ප්‍රයෝජන බෙහෙවින්ම දැනගන්නට ලැබෙන්නේ ජනශ්‍රැතිය මඟින් පමණක් බැවින්, ඒ ඇයිද සහ කෙසේද යන්න සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැක. සායනික අත්හදාබැලීම් සඳහා තෙල් වර්ගයක් ඉදිරිපත් කර එමඟින් සමේ කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩිදියුණු කරන බවට සනාථ කළ ප්‍රථම නිෂ්පාදනවලින් එකක් වූයේ Bio‑Oil® ස්කින්කෙයා ඔයිල්ය. ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් විසින් මෙම නිෂ්පාදනය නිර්දේශ කිරීම ඇරඹීමට ඉවහල් වූයේ මෙම අත්හදා බැලීම්වල සාර්ථකත්වයයි. අද වන විට සිය නාමය සඳහා සම ආරක්ෂණ සම්මාන 400කට අධික ගණනක් ලබා ඇති ලොව ප්‍රමුඛතම සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා වන ප්‍රතිකාරය Bio‑Oil® ස්කින්කෙයා ඔයිල්ය.

සමේ කැළැල් සහ ඇදීම් සලකුණු (ස්වභාවික වට්ටෝරුව)

Bio‑Oil විසින් සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා වන එහි මුල් නිෂ්පාදනයේ 100% ස්වභාවික අනුවාදයක් නිපදවා ඇත. සායනික අත්හදා බැලීම් වලදී නිෂ්පාදනය එක හා සමාන සාර්ථකත්වයක් පෙන්නුම් කළේ, කාණ්ඩයේ ප්‍රමුඛ නිෂ්පාදනයක ක්‍රියාකාරිත්වය හා සම වූ ප්‍රථම ස්වභාවික නිෂ්පාදනය එය බවට පත් කරමිනි. Bio‑Oil® ස්කින්කෙයා ඔයිල් (ස්වභාවික) ලොවපුරා හඳුන්වා දීම 2020 වසරේ 3 වන කාර්තුවේ ආරම්භ වේ.

වියළි සම

ඔබ වීදුරුවකට තෙල් සහ ජලය වත් කළහොත්, තෙල් ජලය මතුපිට කරා පැමිණ ජලය වාෂ්ප වීම වළක්වනු ඇත. සම මතුපිට ඇසට නොපෙනෙන තෙල් ස්තරයක් සාදා, සම ද තෙතමනය ඒ අයුරින්ම රඳවා ගනී. සමේ තෙතමනය හානි වීම වැළැක්වීමට උපකාර කළ හැකි හොඳම ක්‍රමය වනුයේ මෙම ස්තරයට ආධාර කිරීමයි. මෙම අරමුණ සඳහා සාම්ප්‍රදායික වියළි සම ආශ්‍රිත නිෂ්පාදන (ක්‍රීම් වර්ග, ආලේපන සහ බටර් වර්ග) වල සාමාන්‍යයෙන් 20%ක් පමණ තෙල්, ඉටි හෝ බටර් අඩංගු වේ. Bio‑Oil® ඩ්‍රයි ස්කින් ජෙල් වල මෙය 84% අන්තර්ගත වේ. එළිදක්වා මාස 18ක් තුළ, එක්සත් ජනපදයේ, ප්‍රංශයේ, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වසරේ සම ආරක්ෂණ නිෂ්පාදනය සඳහා වන සම්මානය Bio‑Oil® ඩ්‍රයි ස්කින් ජෙල් විසින් දිනා ගෙන තිබේ.

දිනපතා මොයිස්චරයිසරය

නියම දෛනික මොයිස්චරයිසරයක් නම් කිසිදු තෙල් සහිත අව‍ශේෂයක් ඉතිරි නොකර ක්ෂණිකව අව‍ශෝෂණය වියයුතු අතර, එවිට ඉක්මණින් ඇඳුම් ඇඳගැනීමේ පහසුව ලබා දේ. තාක්ෂණික වශයෙන් මෙය සිදු කිරීමට ඉතා අපහසු වන්නේ තෙත්කරණයේදී තෙතමනය තබා ගැනීමට ඉවහල් වනු පිණිස සම මත තෛලමය ස්ථරයක් ඉතිරිව තිබෙන්නට හැරිය යුතු බැවිනි. Bio‑Oil මගින් ඉහළ තෙල් අන්තර්ගතයක් සහිත මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් නිපදවා ඇති අතර, එමඟින් කිසිදු තෙල් සහිත අවශේෂයක් ඉතිරි නොකර සම මත ඇසට නොපෙනෙන සේද වැනි ස්ථරයක් ඇති කරයි. Bio‑Oil® ඇක්ටිව් මොයිස්චරයිසර් (ඉහළ තෙල් සහිත) මේ වන විට නිෂ්පාදන පරීක්ෂණවල අවසන් අදියර වල පවතින අතර 2021 වසරේ 1 වන කාර්තුවේදී එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

ශරීර සුවඳ විලවුන්

අලංකරණය වීමේ පරම ආකාරය සුවඳ විලවුන් වේ. එය නිමවුම් අදියර වන අතර, අඩුවෙන්ම ප්‍රායෝගික එහෙත්, වඩාත්ම ප්‍රබල කාරකය එය වේ. Bio‑Oil විසින් රෝස, නෙරෝලි සහ සමන් පිච්ච යන මල්වලින් තෙල් වර්ග නිස්සාරණය කර ඇති අතර ඒවා ශරීර අලංකරණයේ අවසන් අවස්ථාව ලෙස ශරීර විලවුන් ඉසින වශයෙන් භාවිතයට ලබා දේ. මුලදී සියලු Bio‑Oil හි පර්යේෂණයන්හි අවධානය යොමුව ‍‍තිබුණේ සම ආරක්ෂණ ගැටළු විසඳීමට තෙල්වර්ග යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන අතර, දැන්, පළමු වතාවට, තෙල්වල බලය වැඩිදියුණු කිරීම සඳහා පමණක්ම යොදා ගැනීම සඳහා Bio‑Oil විසින් ගවේෂණ කටයුතු සිදු කරයි. ශරීර සුගන්ධක නිෂ්පාදන පරීක්ෂණ මට්ටමේ පවතින අතර ඒවා 2021 වසරේ 2 වන කාර්තුවේදී එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

විටමින් සන්ස්ක්‍රීන් ආලේපනය

හිරුඑළියට නිරාවරණය වන අතරතුර සමේ ස්වාභාවික ආරක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන විටමින්වලින් සපිරි සන්ස්ක්‍රීන් ආලේපනයක් Bio‑Oil විසින් නිෂ්පාදනය කර තිබේ. Bio‑Oil® මල්ටිවිටමින් SPF50 මූලික පරීක්ෂණ අදියරවල පවතින අතර එය 2021 වසරේ 3 වන කාර්තුවේදී එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

මෘදු සේදීම

සැර අන්තර්ගතයන් සහිත සබන් සහ සෝදනයන් මඟින් සම ඉරිතැලීමට ලක් කරමින්, එය පිළියම් කිරීමේ නිරන්තර දුෂ්කරතාවයකට පත් කරයි. තම සමේ තත්ත්වය කෙරෙහි මෙයින් සිදුවන බලපෑම පිළිබඳව බොහෝ පුද්ගලයින්ට මනා අවබෝධයක් නොමැත. එබැවින් ස්වාභාවික ජීවගුණය අහිමි වී ගොස් ඇති සමක් වැඩිදියුණු කිරීමේ පළමු පියවර මෘදු සේදීම වේ. Bio‑Oil සතුව මුල් පරීක්ෂණ මට්ටමේ පවතින අතිශය මෘදු සෝදනයක් ඇත. එම නිෂ්පාදනයේ නම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

අවසානය: අවසන් යාවත්කාල කිරීම 2020 ජූලි 23 වන දින





අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියේ විස්තර කර ඇති පරිදී මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. ඔබ කුකීස් භාවිතයට එකඟ වන්නේ නම්, කරුණාකර එකඟයි ක්ලික් කරන්න.
එකඟයි
රහස්‍යතා ප්‍රතිපත්තිය

මෙම වෙබ් අඩවිය ඔබගේ උපාංගයේ නිවැරදිව ප්‍රදර්ශනය කිරීම සඳහා අපි ඔබගේ බ්‍රව්සරයේ තොරතුරු භාවිතා කරන්නෙමු. අපගේ කුකීස් භාවිතයට ඔබ එකඟ වන්නේ නම් පමණක්, ඔබගේ ස්ථානය, ක්‍රියාවන් සහ මනාපයන් මතක තබා ගැනීමට අපට ඉඩ සලසන කුඩා දත්ත ගොනු අප ඔබගේ උපාංගයේ ස්ථානගත කෙරෙනු ඇති අතර එවිට අපට ඔබගේ පරිශීලක අත්දැකීම වැඩි දියුණු කළ හැකිය. ඉහත භාවිතයන් හැරුණු විට, නීතියෙන් නියම කර ඇත්නම් මිස, අපි ඔබේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගනිමු.