අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියේ විස්තර කර ඇති පරිදී මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. ඔබ කුකීස් භාවිතයට එකඟ වන්නේ නම්, කරුණාකර එකඟයි ක්ලික් කරන්න.
එකඟයි
රහස්‍යතා ප්‍රතිපත්තිය

මෙම වෙබ් අඩවිය ඔබගේ උපාංගයේ නිවැරදිව ප්‍රදර්ශනය කිරීම සඳහා අපි ඔබගේ බ්‍රව්සරයේ තොරතුරු භාවිතා කරන්නෙමු. අපගේ කුකීස් භාවිතයට ඔබ එකඟ වන්නේ නම් පමණක්, ඔබගේ ස්ථානය, ක්‍රියාවන් සහ මනාපයන් මතක තබා ගැනීමට අපට ඉඩ සලසන කුඩා දත්ත ගොනු අප ඔබගේ උපාංගයේ ස්ථානගත කෙරෙනු ඇති අතර එවිට අපට ඔබගේ පරිශීලක අත්දැකීම වැඩි දියුණු කළ හැකිය. ඉහත භාවිතයන් හැරුණු විට, නීතියෙන් නියම කර ඇත්නම් මිස, අපි ඔබේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගනිමු.

Bio‑Oil® / Bi-Oil® / Bioil®

උසස් නිෂ්පාදන ක්‍රියාකාරීත්වයක් අත්පත් කර ගැනීම පිණිස, තෙල් භාවිතා කරමින් Bio‑Oil විසින් පර්යේෂණය කර විශේෂඥ සම ආරක්ෂණ නිෂ්පාදන වැඩිදියුණු කරයි. සන්නාමය Bi-Oil® යන නමින් හැඳින්වෙන ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, ස්ලොවැකියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් හැර අනෙක් සියලු රටවල මෙම සන්නාමය ප්‍රකටව ඇත්තේ Bio‑Oil® ලෙසට වන අතර ජපානය තුළ Bioil® යන නම භාවිතා වේ.

පිළිබඳව

1987 වසරේදී සමේ කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වීම සඳහා තෙල් යොදාගැනීම සම්බන්ධයෙන් Bio‑Oil පෙරමුණ ගන්නා ලදි. එවකට වෙළඳපලෙහි තිබූ සෑම නිෂ්පාදනයක්ම ක්‍රීම් වර්ගයක් හෝ ආලේපන වර්ගයක් වූ අතර, මෙම නිෂ්පාදනය සඳහා හිමි වූයේ බෙහෙවින් සැක සංකා සහිත පිළිගැනීමකි. මේ වන විට මෙම නිෂ්පාදනය සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා යොදා ගනු ලබන ලොව ප්‍රමුඛතම නිෂ්පාදනය වේ. සමෙහි ඇති අනෙකුත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීම සඳහා තෙල් යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම පිණිස 2010 වසරේදී Bio‑Oil විසින් වි‍ශේෂඥ විද්‍යාගාරයක් ස්ථාපිත කරන ලදි. වියළි සම සඳහා තෙල් පාදක කරගත් ජෙල් වර්ගයක් 2018 දී එළිදක්වන ලද අතර කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා 100% ස්වභාවික තෙල් වලින් නිපදවන ලද නිෂ්පාදනයක් 2020 දී එළිදක්වන ලදී. 2021 වසරේ දී ඉහළ තෙල් අන්තර්ගතයක් සහිත ලෝෂණයක් වෙළඳපලට හඳුන්වා දෙන ලදී. Bio‑Oil මඟින් විශේෂයෙන්ම පර්යේෂණ කටයුතු කෙරෙහි ඉලක්ක කෙරෙන අතර, එහිදී එම නිෂ්පාදනවල අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන බලපත්‍ර ලොව වටා පිහිටි ප්‍රමුඛ පෙළේ සම ආරක්ෂණ සමාගම් වෙත පැවරෙනු ඇත. Bio‑Oil නිෂ්පාදන පිළිබඳ තොරතුරු සඳහා, කරුණාකර ඔබේ ප්‍රදේශයේ ඇති ඔසුහල වෙත යන්න.

සමේ කැළැල් සහ ඇදීම් සලකුණු

සම වැඩිදියුණු කිරීම සඳහා වන ඉහළ හැකියාවක් තෙල්වලට තිබේ. තෙල්වල ප්‍රයෝජන බෙහෙවින්ම දැනගන්නට ලැබෙන්නේ ජනශ්‍රැතිය මඟින් පමණක් බැවින්, ඒ ඇයිද සහ කෙසේද යන්න සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැක. සායනික අත්හදාබැලීම් සඳහා ඉදිරිපත් කර එමඟින් සමේ කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩිදියුණු කරන බවට සනාථ කළ ප්‍රථම තෙල් වර්ගය වූයේ Bio‑Oil® Skincare Oil ය. ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් විසින් මෙම නිෂ්පාදනය නිර්දේශ කිරීම ඇරඹීමට ඉවහල් වූයේ මෙම අත්හදා බැලීම්වල සාර්ථකත්වයයි. අද වන විට සිය නාමය සඳහා සම ආරක්ෂණ සම්මාන 400කට අධික ගණනක් ලබා ඇති ලොව ප්‍රමුඛතම සමේ කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා වන ප්‍රතිකාරය Bio‑Oil® Skincare Oil ය. නිෂ්පාදන තොරතුරු

Bio-Oil Skincare Oil හි නිෂ්පාදන රූපය

වියළි සම

වියළි සමට හොඳම විසඳුම වන්නේ සමෙහි ඇති තෙතමනය ඉන් පිටවී යාම වළක්වන නිරෝධන ස්ථරයක් සම මත ඇති කිරීමයි. මෙම අරමුණ සඳහා සාම්ප්‍රදායික වියළි සම ආශ්‍රිත නිෂ්පාදන (ක්‍රීම් වර්ග, ආලේපන සහ බටර් වර්ග) වල සාමාන්‍යයෙන් 20%ක් පමණ තෙල්, ඉටි හෝ බටර් අඩංගු වේ. Bio‑Oil® Dry Skin Gel වල මෙය 84% අන්තර්ගත වේ. Bio‑Oil® Dry Skin Gel ලොවපුරා හඳුන්වා දීම ආරම්භ වූයේ 2018 වසරේ දීය. නිෂ්පාදන තොරතුරු

Bio-Oil Dry Skin Gel හි නිෂ්පාදන රූපය

සමේ කැළැල් සහ ඇදීම් සලකුණු (ස්වභාවික වට්ටෝරුව)

ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවනු ලබන නිෂ්පාදන සඳහා වන ඉහළ යමින් පවතින ඉල්ලුමත් සමඟ, Bio‑Oil විසින් ස්වභාවික තෙල් පමණක් භාවිතා කරමින් කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා නිෂ්පාදනයක් නිපදවා ඇත. සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල මඟින් මෙම නිෂ්පාදනය Bio‑Oil හි කැළැල් සහ ඇදීම් සලකුණු සඳහා වන මුල් නිෂ්පාදනය තරමටම ඵලදායී බව පෙන්නුම් කළේ, ස්වාභාවික නිෂ්පාදනයක් එම කාණ්ඩයේ ප්‍රමුඛ නිෂ්පාදනයක ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති බවට පළමු වරට සනාථ කරමිනි. Bio‑Oil® Skincare Oil (Natural) ලොවපුරා හඳුන්වා දීම 2020 වසරේදී ආරම්භ විය. නිෂ්පාදන තොරතුරු

Bio-Oil Skincare Oil Natural හි නිෂ්පාදන රූපය

ශරීරය මොයිස්චරයිස් කිරීම

නියම ශරීර මොයිස්චරයිසරයක් නම් කිසිදු තෙල් සහිත අව‍ශේෂයක් ඉතිරි නොකර ක්ෂණිකව අව‍ශෝෂණය වියයුතු අතර, එවිට ඉක්මණින් ඇඳුම් ඇඳගැනීමේ පහසුව ලබා දේ. තාක්ෂණික වශයෙන් මෙය සිදු කිරීමට ඉතා අපහසු වන්නේ තෙත්කරණයේදී තෙතමනය තබා ගැනීමට ඉවහල් වනු පිණිස සම මත තෛලමය ස්ථරයක් ඉතිරිව තිබෙන්නට හැරිය යුතු බැවිනි. Bio‑Oil® Body Lotion නිපදවා ඇත්තේ ‘භාවිතයට පෙර සොලවන්න’ නම් වූ Bio‑Oil හි පුරෝගාමී තාක්‍ෂණය භාවිතයෙන් වන අතර, එමඟින් ලෝෂණයේ තෙල් සහ අල්ට්‍රාලයිට් ප්‍රමාණය ඉහළ යාමට ඉඩ සලසයි. Bio‑Oil® Body Lotion ලොවපුරා හඳුන්වා දීම 2021 වසරේ ආරම්භ විය. නිෂ්පාදන තොරතුරු

Bio-Oil Body Lotion හි නිෂ්පාදන රූපය