වෙළඳ නාමය

Bio‑Oil®

නිෂ්පාදන නාමය සහ ප්‍රමාණ

Dry Skin Gel 50ml

Dry Skin Gel 100ml

Dry Skin Gel 200ml

විස්තරය

ඉතා වියළි සම සඳහා 83% ක් තෙල් අඩංගු ජෙල් එකකි.

සුදුසු භාවිතය

සම තෙත් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි.

ස්වභාවය

තැඹිලි / රෝස පැහැති ජෙල් එකකි.

අමුද්‍රව්‍ය

Paraffinum Liquidum, Isopropyl Palmitate, Triisononanoin, Glycerin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Aqua, Caprylic / Capric Triglyceride, Isostearyl Isostearate, C26-28 Alkyl Dimethicone, Butyrospermum Parkii Butter, Sodium Lactate, Urea, Gluconolactone, Sodium PCA, Sodium Hyaluronate, Octyldodecyl PCA, Sucrose Laurate, Sucrose Stearate, Lactic Acid, Lanolin, Butylene Glycol, Dimethicone / Vinyl Dimethicone Crosspolymer, Bisabolol, Helianthus Annuus Seed Oil, Silica, Glycine Soja Oil, Retinyl Palmitate, Tocopheryl Acetate, Niacinamide, Linoleic Acid, Linolenic Acid, Tocopherol, Anthemis Nobilis Flower Oil, Calendula Officinalis Extract, Rosmarinus Officinalis Leaf Oil, Lavandula Angustifolia Oil, Parfum, Farnesol, Limonene, Linalool, CI 17200.

වියළි සම සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Dry Skin Gel වල සම තෙත් කිරීම වැඩි දියුණු කිරීමේ සඵලත්වය පරීක්‍ෂා කිරීම සඳහා වූ සායනික ඇගයීමකි.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සායනිකව ෆිට්ස්පැට්‍රික් සම් වර්ග II-V සහ පාදවල පිටත පහළ කෙටසෙහි වියළි / ඉතා වියළි සමක් (වර්ගය II-IV) සහිත, පරීක්‍ෂණයට ඇතුළත් වීමේ දී කෝනියෝමීටර අගය 40 ට අඩු නීරෝගී කාන්තාවන් 40 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු පුද්ගලයන්ගේ එක් පාදයක පහළ කොටසෙහි සම්පූර්ණයෙන් ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 40–65.

ක්‍රමවේදය

ශරීර විභේද්‍ය, ඇගයුම්කරු අඥාත, සසම්භාවීකෘත හා පාලිත සායනික උපකරණීය අධ්‍යයනය. පුද්ගලයන් ආරම්භක නිවාරක ඇගයීමකට ලක් කරන ලද අතර, ඉන්පසු සියලු ප්‍රතිකාර නවත්වා දින 7 ක වියලි කාලයක්, දින 28 ක ප්‍රතිකාර කාලයක්, සහ දින 3 ක පසු විපරම් කාලයක් (ප්‍රතිගමනය) පසු කරන ලදි. සියලු ප්‍රතිකාර නැවැත්වූ කාලය තුළ සහ අධ්‍යයන කාලය පුරාවට, පුද්ගලයන් Dove Beauty Bar යොදා දිනපතා දෙවරක් තම දෙපා සෝදා හරින ලදි. Bio‑Oil® Dry Skin Gel දිනකට දෙවරක් බැගින් අදාළ පාදයේ පහළ කොටසෙහි ගල්වන ලද අතර, අනෙක් පාදයට කිසිදු ප්‍රතිකාරයක් සිදු නොකරන ලදි. නිවාරණ අවධියේ දී, මූලික අවස්ථාවේ දී සහ 1, 3, 6, 8, 10, 14, 21, 28, 29, 30 සහ 31 දිනවල දී සායනික ඇගයීම් සහ උපකරණීය ඇගයීම් සිදු කරන ලදි. ප්‍රතිකාරයක් සිදු නොකළ පාලක ප්‍රදේශය ද සෑම අවස්ථාවකදීම ඇගයීමට ලක් කරන ලදි. ඇගයීම පහත පරිදි සිදු කෙරිණි: පුහුණු දෘශ්‍ය ඇගයුම්කරුවෙකු විසින් සහභාගීන්ගේ පාදවල වියළි බව සායනිකව ශ්‍රේණිගත කරන ලදි (0–5 දක්වා පරිමාණයෙන්). කෝනියෝමීටරය ආධාරයෙන් සමෙහි සජලනය පිළිබඳ ප්‍රමාණාත්මක මිනුමක් ලබාගන්නා ලදි. සමෙහි බාධක කෘත්‍යය පිළිබඳ දර්ශකයක් ලෙස අපිචර්මය හරහා ජල හානිය (TEWL) පිළිබඳ ප්‍රමාණාත්මක මිනුම් ටේවමීටරය ආධාරයෙන් ලබාගන්නා ලදි.

ප්‍රතිඵලය

මූලික අවස්ථාවේ ලැබුණු අගයන්ට හා ප්‍රතිකාරයක් සිදු නොකළ (පාලක) ප්‍රදේශයට සාපේක්‍ෂව, Bio‑Oil® Dry Skin Gel සම තෙත් කිරීම, බාධක කෘත්‍යය සහ වියළි සමේ පෙනුම (වියළි බව සායනිකව ශ්‍රේණිගත කිරීම) සම්බන්ධ එක් එක් පර්යේෂණාත්මක අධීක්‍ෂණ පරීක්‍ෂාවේ දී සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි. සමෙහි වියළි බව පිළිබඳ සායනික ශ්‍රේණිගත කිරිමේ දී, සහභාගීන්ගෙන් 1 වන දින සිට 62% ක්ද, 3 වන දින සිට සහභාගීන්ගෙන්(f) 85% කට වැඩි ප්‍රමාණයක් ද සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි. 21 වන දින සිට, සහභාගීන්ගෙන් 100% ක්ම වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි. සහභාගීන් 1 වන දින පෙන්වූ සායනික ශ්‍රේණිගත කිරීමේ ලකුණු ප්‍රමාණය මෙන් 3.5 ගුණයක වැඩි දියුණුවක් 28 වන දින පෙන්වීය. භාවිතයෙන් දින 28 කට පසු, සහභාගීන්ගෙන් 100% ක්ම සම තෙත් කිරීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 1 වන දින පෙන්වූ වැඩි දියුණුව මෙන් දෙගුණයකට අධික වැඩි වීමකි. ඒ හා සමානව, භාවිතයෙන් දින 28 කට පසු, සහභාගීන්ගෙන් 82% ක්ම TEWL හි සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළ අතර, එය 1 වන දින පෙන්වූ වැඩි දියුණුව මෙන් 5.5 ගුණයකට අධික වැඩි වීමකි. Bio‑Oil® Dry Skin Gel වල සම තෙත් කිරීම, බාධක කෘත්‍යය සහ වියළි සමේ පෙනුම වැඩි දියුණු කිරීම හා සම්බන්ධ කාර්යක්‍ෂමතාව, නිෂ්පාදනය භාවිතය අත්හිටුවා තිබූ දින 3 ක පසු විපරම් කාලය තුළ ද තහවුරු විය.

සංවේදී සම සඳහා පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Dry Skin Gel මගින් සමෙහි දැවිල්ලක් ඇති කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 30 දෙනෙක්; එනම් ලැක්ටික් අම්ල දෂ්ටන පරීක්‍ෂාවට අනුව සංවේදී සමක් ඇති කාන්තාවන් 28 දෙනෙක් සහ පිරිමි 2 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70.

ක්‍රමවේදය

පාලිත අධ්‍යයනය. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය) ගැල්වූ ප්‍රදේශයක් සහ Bio‑Oil® Dry Skin Gel ගැල්වූ ප්‍රදේශයක් ලෙස ප්‍රදේශ දෙකක් ඇගයීමට ලක් කරන ලදි. Finn Chamber® භාවිත කරමින්, අත්හදා බලනු ලබන නිෂ්පාදනය පැය 48 ක කාලයක් පුරා සහභාගීන්ගේ පිට ප්‍රදේශයෙහි ගල්වා තබන ලදි. පැච් ඉවත් කිරීමෙන් පසු මිනිත්තු 15 දී, පැය 1 දී සහ පැය 24 දී ප්‍රාථමික සමෙහි දැවිල්ල තක්සේරු කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර ඇගයීමට ලක් කරන ලදි. සමෙහි ප්‍රතිචාර 0–4 දක්වා පරිමාණයෙන් (එරිතිමාව, ඉදිමුම හෝ වෙනත් ආකාරයේ සමෙහි දැවිල්ලක් නොමැති නම් 0, සහ නිෂ්පාදනය ගැල්වූ ප්‍රදේශයට ඔබ්බෙහි තද රතු පැහැති පෙනුම සහ පැතිරුණු ඉදිමුමක් පෙන්නුම් කරන බරපතල එරිතිමා සහ ඉදිමුම් තත්ත්වයක් නම් 4) ශ්‍රේණිගත කරන ලදි.

ප්‍රතිඵලය

සමෙහි Bio‑Oil® Dry Skin Gel වලට ඔරොත්තු දීමේ හැකියාව 'දැවිල්ල ඇති නොකරන' බවට නිර්ණය කරන ලදි.

ලප කැළැල් නොසෑදීම පිළිබඳ පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Dry Skin Gel වල ලප කැළැල් සෑදීමේ විභවය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 20 දෙනෙක්; එනම් ඇක්නිජනක සමක් ඇති කාන්තාවන් 18 දෙනෙක් සහ පිරිමි 2 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

පාලිත අධ්‍යයනය. පෙරහන් කඩදාසි තැටියක් මත ගල්වන ලද නිෂ්පාදනය, සහභාගීන්ගේ පිටේ ඉහළ ප්‍රදේශයෙහි යොදන ලදි. පැච් අදාළ ස්ථානයේ පැය 48 සිට 72 දක්වා කාලයක් තිබෙන්නට හැර, ඉවත් කර නැවත යොදන ලදි. අඛණ්ඩව සති 4ක් පුරා පැච් 12ක් යොදන ලදි. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය), අත්හදා බලනු ලබන නිෂ්පාදනය (Bio‑Oil® Dry Skin Gel) සහ ධන පාලකයක් (ප්‍රසිද්ධ ලප කැළැල් සාදන ද්‍රව්‍යයක් වන ලැනොලින් මද්‍යසාර) සංසන්දනය කරමින් ප්‍රදේශ තුනක් ඇගයීමට ලක් කරන ලදි. එක් එක් නිෂ්පාදනය ගැල්වීමට පෙර සහ පසු ලප කැළැල් සෑදීම සංසන්දනය කිරීම සඳහා, එක් එක් පැච් එක ඉවත් කිරීමෙන් මිනිත්තු 15 කට පසු චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර සායනිකව ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Dry Skin Gel මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. Bio‑Oil® Dry Skin Gel යෙදූ ප්‍රදේශය සෘණ පාලක ප්‍රදේශයට වඩා සැලකිය යුතු වෙනසක් නො පෙන්වීය. ධන පාලකයෙන් ඇක්නි හටගැනීම උත්තේජනය විය.

නිරෝධකතාව පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Rigano Laboratories, මිලාන් නුවර, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Dry Skin Gel වල නිරෝධකතාව පර්යේෂණාත්මකව නිර්ණය කිරීම සහ, එමගින් TEWL අඩු කිරීමෙන් සමට තෙතමනය රඳවා ගැනීමට උපකාර කිරීමට එහි ඇති හැකියාව නිර්ණය කිරීම.

ක්‍රමවේදය

මිනිස් සමේ මතුපිට ගුණාංග අනුකරණය කරන Vitro-Skin නම් අර්ධ පාරගම්‍ය පටලයකින් ආවරණය කළ බීකර තුළ, දන්නා ජල ප්‍රමාණයන් තැන්පත් කරන ලදි. එම පටලය මත නිෂ්පාදනය ගල්වා, කාලයත් සමග බීකරවලින් ජලය හානි වීමේ ශීඝ්‍රතාව මනිනු ලැබීය. පටලය මත කිසිදු නිෂ්පාදනයක් නොගැල්වූ පාලක බීකරවලින් ජලය හානි වීමේ ශීඝ්‍රතාව සමග මෙය සංසන්දනය කරන ලදි.

ප්‍රතිඵලය

ජල වාෂ්ප සම්ප්‍රේෂණ ශීඝ්‍රතා (WVTR) පරීක්‍ෂණ ක්‍රමවේදය යනු නිෂ්පාදනවල නිරෝධකතාව මැනීම සඳහා වූ සම්මත පරීක්‍ෂණයකි. යම් වට්ටෝරුවක WVTR අගය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ එය නිරෝධන බවින් යුක්ත බව යි. Vitro-Skin පටලය මත යෙදූ Bio‑Oil® Dry Skin Gel මගින්, ප්‍රතිකාරයක් සිදු නොකළ පාලකයට සාපේක්‍ෂව සංඛ්‍යානමය වශයෙන් WVTR අගයන්ගේ අඩු වීමක් පෙන්නුම් කරන ලදි. මෙම බාහිරස්ථ ප්‍රතිඵලය මගින්, Bio‑Oil® Dry Skin Gel සමට අභ්‍යන්තරස්ථව තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන බවත්, එමඟින් වියළි සමේ නිමිති සහ ලක්‍ෂණ සමනය කිරීමට උපකාරී වන බවත් හඟවයි.

ගැල්වීම

ගල්වන ආකාරය

අවශ්‍ය පරිදි වියළි සම මත Bio‑Oil® Dry Skin Gel කුඩා ප්‍රමාණයක් ගල්වන්න. දිගු කලක් තිස්සේ පවතින වියළි සමක් නම්, එය දිනපතා දෙවරක්, උදේ සහ සවස ආලේප කිරීමට නිර්දේශ කෙරේ. මෙම නිෂ්පාදනය විශේෂයෙන් ශරීරයේ ගැල්වීමට සකසා ඇති අතර, කෙසේ නමුත් එය මුහුණේ ගැල්වීමට ද භාවිත කළ හැක. Bio‑Oil® Dry Skin Gel කාලීන රූපලාවණ්‍ය කටයුතු සඳහා ගැල්වීමට පමණක් නියම කෙරේ. එය විවෘත තුවාලයක් හෝ කැඩුණු සම මත ගැල්වීම නොකළ යුතු ය. ඇස්වල තැවරීමෙන් වළකින්න. යම් හෙයකින් ඇස්වල තැවරුණහොත් පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා හරින්න. ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානයක තබන්න.

භාවිත කළ යුතු කාලය

Bio‑Oil® Dry Skin Gel වල සායනික පරීක්‍ෂණය කාලයක් පුරා සිදු කර ඇත්තේ, කාලයත් සමග නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට ඉඩ සලසමිනි. සංඛ්‍යානමය විශ්ලේෂණය මගින්, පැය 24ක් වැනි කෙටි කාලයකට පසු සමේ පෙනුමෙහි සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන බවත්, මෙම වැඩි දියුණුව අත්හදා බැලීම් කාලය පුරා දිගටම පවතින බවත් පෙන්නුම් කරයි. කෙසේ නමුත් Bio‑Oil® Dry Skin Gel එහි ඇති සම මොයිස්චරයිස් කිරීමේ සහ සම පෝෂණය කිරීමේ ගුණාංග හේතුවෙන් දෛනික සම ආරක්‍ෂණ පිළිවෙතක කොටසක් ලෙස අඛණ්ඩව භාවිත කළ හැක.

සම ආරක්‍ෂණ පිළිවෙතක් සමග ඒකාබද්ධව භාවිත කිරීම

උපරිම අවශෝෂණය සඳහා, පිරිසිදු කළ සම මත Bio‑Oil® Dry Skin Gel ගැල්වීම කළ යුතු ය. සූර්‍යාලෝකයෙන් සම සුරකින ලෝෂණයක් හෝ වෙනත් ක්‍රීම් වර්ගයක් ගල්වන්නේ නම්, Bio‑Oil® Dry Skin Gel සම්පූර්ණයෙන් සමට අවශෝෂණය වූ පසු පමණක් ඒවා ගල්වන්න. ඇඟ සේදීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසු Bio‑Oil® Dry Skin Gel ශරීරය පුරා ගැල්වීම සිදු කරන්න.

ගර්භණී සමය තුළ භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel ගර්භණී සමයේ දී භාවිත කිරීම සඳහා ආරක්‍ෂිත නිෂ්පාදනයකි.

විටමින් A සහ ගර්භණීභාවය

ගර්භණී සමයේ දී කාන්තාවන්ට විටමින් A පෝෂණ අතිරේක සීමා කිරීමට නිර්දේශ කරනු ලබන බැවින් විටමින් A සහිත සම ආරක්‍ෂණ නිෂ්පාදන භාවිත කිරීමෙන් ගැටළු උද්ගත විය හැක. සමෙහි ගල්වන ඕනෑම ද්‍රව්‍යයක් හානිකර වන්නේ එම ද්‍රව්‍යය එහි විෂවිද්‍යා සීමාවට වඩා ඉහළ මට්ටමක පවතී නම් පමණි. සම හරහා ද්‍රව්‍ය විනිවිද යාමට සම සැලකිය යුතු බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කාලීනව ගල්වනු ලබන විටමින් A වලින් ශරීරය තුළට ඇතුල් වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. යුරෝපා කොමිසමේ පාරිභෝගික ආරක්‍ෂණය පිළිබඳ විද්‍යාත්මක කමිටුව (SCCS) රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විටමින් A සහ එහි එස්ටර ඇගයීමට ලක් කර ඇත. මෙහි දී SCCS හි මතය වන්නේ බොඩි ලෝෂණ තුළ විටමින් A භාවිතය, රෙටිනෝල් සමක 0.05% ක උපරිම සාන්ද්‍රණයක් දක්වා ආරක්‍ෂිත බව යි. Bio‑Oil® Dry Skin Gel වට්ටෝරුව තුළ ඇති විටමින් A ප්‍රමාණය බොඩි ලෝෂණ සඳහා වන උපරිම අනුමත සන්ද්‍රණයට වඩා අඩු මට්ටමක පවතින අතර, එය ගර්භණී කාලය පුරාවටම ආරක්‍ෂිතව භාවිත කළ හැක.

රෝස්මරි තෙල් සහ ගර්භණීභාවය

ඉහළ සාන්ද්‍රණවලින් යුත් රෝස්මරි තෙල් ඔසප්කාරකයක් ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇති අතර, එයින් අදහස් වන්නේ එයට ඔසප් වීම උත්තේජනය කිරීමට මෙන්ම සමහර විට කල්තියා ප්‍රසව වේදනා ඇති කිරීමට හැකියාව ඇති බව යි. ඉහළ සාන්ද්‍රණ සහිත රෝස්මරි තෙල් භාවිත කරන ශාකසාර තෛල සම්බාහකයන් සහ නිඝන්ඩුවේදීන් ගර්භණී සමය තුළ එය භාවිත නොකිරීමට නිර්දේශ කරන්නේ එබැවිනි. කෙසේ නමුත් Bio‑Oil® Dry Skin Gel තුළ අඩංගු රෝස්මරි තෙල් සාන්ද්‍රණය ඉතා අඩු අතර, එබැවින් එය ගර්භණී සමය තුළ භාවිතය සඳහා ආරක්‍ෂිත වේ.

මව්කිරි දෙන කාලය තුළ භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel මව්කිරි දෙන කාලය තුළ භාවිතය සඳහා ආරක්‍ෂිත නමුත් එය තනපුඩු මත ගැල්වීමෙන් වැළකී සිටීමට නිර්දේශ කෙරේ. හානිකර බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නොමැති වුව ද, කුඩා ළදරුවන් ඉතා සංවේදී බැවින්, ඔවුන්ට Bio‑Oil® Dry Skin Gel ශරීරගත නොවිය යුතු ය.

ළදරුවන් සහ ළමුන් සඳහා භාවිත කිරීම

වයස අවුරුදු තුනට අඩු ළමුන් සඳහා Bio‑Oil® Dry Skin Gel භාවිත කිරීමේ ආරක්‍ෂිත බව පිළිබඳ තක්සේරු කර නොමැත. උපතින් පසු පළමු වසර කිහිපය තුළ, මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය ඇතුළු බොහෝ වෙනස්කම් සිදු වේ. එබැවින් මෙම නිෂ්පාදනය වයස අවුරුදු තුනක් හෝ ඊට වැඩි ළමුන් සඳහා පමණක් භාවිත කිරීමට නිර්දේශ කරනු ලැබේ.

අව් රශ්මියේ භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel පිළිබඳ සිදු කරන ලද පරීක්‍ෂණවලින් පෙනී යන්නේ එයින් අව්වට සම පිළිස්සීම වැඩි වීමක් හෝ උග්‍ර වීමක් සිදු නොවන බව යි. එබැවින් එය අව් රශ්මියේ භාවිත කිරීම ආරක්‍ෂිත වේ. කෙසේ නමුත් මෙම නිෂ්පාදනයෙන් සූර්යයාගේ UVA සහ UVB කිරණවල හානිකර බලපෑම්වලට එරෙහිව කිසිදු ආරක්‍ෂාවක් නොලැබෙන බැවින් එය සූර්ය ආරක්‍ෂණ සාධකය (SPF) අවම වශයෙන් 30ක අගයක් සහිත පුළුල් පරාස සන්ස්ක්‍රීන් ආලේපනයක් සමග ඒකාබද්ධව භාවිත කිරීම වැදගත් වේ.

ශ්ලේෂ්මල පටල මත හෝ ඒ ආසන්නයේ භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel සියලු භාවිතයන් සඳහා ආරක්‍ෂිත බවට වර්ග කර ඇති අතර, කෙසේ නමුත් නිෂ්පාදනය ශ්ලේෂ්මල පටල සමග ස්පර්ශ වීම පිළිබඳ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නොමැත්තේ එය නිෂ්පාදනයෙන් අපේක්‍ෂා කළ හැකි සුදුසු භාවිතයක් නොවන බැවිනි.

විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. විකිරණ චිකිත්සා හෝ රසායනික චිකිත්සා ප්‍රතිකාරවලට ලක්වන පුද්ගලයන් නිෂ්පාදනය භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ඖෂධ නිෂ්පාදන සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. ඖෂධ නිෂ්පාදන භාවිත කරන අතරතුර ඒ සමග ඒකාබද්ධව මෙම නිෂ්පාදනය භාවිත කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

සංවේදී සම මත භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel සංවේදී සම මත භාවිත කළ හැක. සංවේදී සමක් ඇති වයස අවුරුදු 18–70 දක්වා වූ පුද්ගලයන් 30 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද සමෙහි දැවිල්ල පිළිබඳ අධ්‍යයනයක දී, කිසිදු පුද්ගලයකු Bio‑Oil® Dry Skin Gel සඳහා කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ නොදුනි.

තෙල් සහිත සම මත භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel තෙල් සහිත සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Dry Skin Gel මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි.

ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සම මත භාවිත කිරීම

Bio‑Oil® Dry Skin Gel ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Dry Skin Gel මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. සමෙහි ඇක්නිවලින් පීඩා විඳින්නන් Bio‑Oil® Dry Skin Gel භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

වියළි සමක ලක්‍ෂණ සහ වියළි සමක් ඇතිවීමට හේතු

ලක්‍ෂණ

වියළි සමේ ලක්‍ෂණවලට අඳුරු පැහැ ගැන්වුණු හා පොතු වැනි සම, සිහින් රේඛා, අළු පැහැති හෝ අළු වැනි පැහැයක් සහිත සම හා රළු සහ තද ස්වභාවය ඇතුළත් වේ.

හේතු

වියළි සමක් ඇති වීමට බාහිර මෙන්ම අභ්‍යන්තර සාධක හේතු වේ. බාහිර සාධක: වියළි දේශගුණයේ දී සම ඇතුළත ඇති තෙතමනය ලිපිඩ ද්විත්ව ස්තරය හරහා පිටත ඇති වියළි වාතය තුළට ගමන් කිරීම සිදු වේ. වායු සමීකරණ සහ හීටර් මගින් වාතයේ ඇති තෙතමනය උරාගන්නා අතර, එයින් ඇතිවන කෘත්‍රිම වියළි දේශගුණ තත්ත්වය මගින් සමේ ඇති තෙතමනය පිටතට ගමන් කරයි. නිතිපතා සම සේදීම සහ කටුක සේදුම්කාරකවලට නිරාවරණය වීම හේතුවෙන් සමේ ඇති ලිපිඩ ද්විත්ව ස්තරය ගැලවී ගොස් එමඟින් සමෙහි ඇති තෙතමනය පහසුවෙන් ඉවත්ව යයි. අභ්‍යන්තර සාධක: ශරීරය වයස්ගත වන විට, සමෙහි නිපදවන ලිපිඩ ප්‍රමාණය අඩු වී ගොස් එමඟින් ලිපිඩ ද්විත්ව ස්තරය තුනී වී සමෙහි ඇති තෙතමනය පහසුවෙන් ඉවත්ව යයි. ලිපිඩ ද්විත්ව ස්තරයේ ඇති සෙරිමයිඩ ප්‍රමාණය ස්වාභාවිකවම අඩු මට්ටමක පැවතීම නිසා වියළි සමක් ඇති වීමට ප්‍රවේණිය හේතු විය හැක. මෙය චර්ම බාධකයෙහි නිරෝධකතාව අඩු වී, සමෙහි තෙතමන හානිය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වීමට හේතු වේ. සමේ pH අගය සමෙහි බාධක කෘත්‍යයට බලපායි. සමේ pH මට්ටම ඉහළ ගිය විට එය ලිපිඩ ද්විත්ව ස්තරයේ නීරෝගී ක්‍රියාකාරීත්වය අඩාල කරයි.

ආරක්‍ෂණ තක්සේරුව

Bio‑Oil® Dry Skin Gel සුදුසුකම් ලත් විෂ රසායනවේදියකු විසින් ආරක්‍ෂණ තක්සේරුවකට බඳුන් කර ඇති අතර, එය ගර්භණී හා කිරි දෙන මවුවරුන් සහ වයස අවුරුදු තුනට වැඩි ළමුන් ඇතුළු වැඩිහිටියන් සඳහා ආරක්‍ෂිතව භාවිත කිරීමට සුදුසු බවට වර්ග කර ඇත.

අහිතකර ප්‍රතික්‍රියා

Bio‑Oil® Dry Skin Gel සතුව ආරක්‍ෂිත විෂවිද්‍යා පැතිකඩක් ඇති අතර, සියලුම රූපලාවණ්‍ය නිෂ්පාදන මෙන් ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර රෙගුලාසි සපුරාලන අතර, එසේම Bio‑Oil® Dry Skin Gel භාවිත කරන්නන්ට එය භාවිත කිරීමේ දී අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පවතී. එවැනි අහිතකර ප්‍රතික්‍රියාවක් සිදු වුවහොත්, නිෂ්පාදයන භාවිත කිරීම වහාම නැවැත්විය යුතු ය. සමේ සිදුවන අහිතකර ප්‍රතික්‍රියාවක රෝග ලක්‍ෂණ ලෙස පලු දැමීම, ඉදිමීම සහ දැවිල්ල ඇතිවිය හැකි අතර සාමාන්‍යයෙන් මෙම ලක්‍ෂණ ඇති වන්නේ නිෂ්පාදනය ගල්වන ලද ප්‍රදේශය තුළ යි. මෙහි දී සමෙහි කැසීම සහ සුළු අපහසුතාවක් ඇති විය හැක. බොහෝ අවස්ථාවල දී, නිෂ්පාදනය භාවිත කිරීම නවත්වා දින දෙක තුනක් ඇතුළත අහිතකර ප්‍රතික්‍රියාව පහව යයි. සම නැවත යථා තත්ත්වයට පත්වන තෙක්, ප්‍රතික්‍රියාව පහව යන තුරු සම වියළි හා පොතු ආකාර ස්වභාවයක් ගත හැක. Bio‑Oil® Dry Skin Gel භාවිතය හේතුවෙන් සිදු වීමට ඉඩ ඇති ආසාත්මික ප්‍රතික්‍රියාවක් සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම්, ඒ බව පරීක්‍ෂා කිරීම සඳහා සරල ආසාත්මිකතා පරීක්‍ෂණයක් සිදු කිරීම වැදගත් වේ. මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ කුඩා ප්‍රමාණයක් යටි බාහුවේ ඇතුල් පැත්තේ ගල්වා පැය 24 ක කාලයක් තුළ යම් ප්‍රතික්‍රියාවක් සිදු වේ දැයි බැලීමෙනි. සමේ රතුවීමක් (එරිතිමාව) හෝ සුළු ඉදිමුමක් (එඩීමා) ඇතිවීම ආසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවීමේ හැකියාව පෙන්වන ලකුණක් විය හැක.

ආසාත්මීකාරක

බොහෝ ආසාත්මීකාරක මෙන්, මේවා ශාක තෙල්වල සහ ධූපවල අන්තර්ගත වේ. ඒවා නම්: Farnesol, Limonene, සහ Linalool.

අනපේක්‍ෂිත ලෙස ශරීරගත වීම

Bio‑Oil® Dry Skin Gel අනපේක්‍ෂිත ලෙස ශරීරගත වුවහොත්, එය විෂ රහිත නිෂ්පාදනයක් බැවින් ඔක්කාරය හා පාචනය වැනි තත්ත්වයන්ට අමතරව කිසිදු අහිතකර බලපෑමක් සිදුවීමේ හැකියාවක් නොමැත. කෙසේ නමුත්, විශේෂයෙන් එය අනපේක්‍ෂිත ලෙස අතදරුවකුගේ හෝ දරුවෙකුගේ ශරීරගත වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කරනු ලැබේ.

විවෘත කර තබාගත හැකි කාලය (PAO)

Bio‑Oil® Dry Skin Gel විවෘත කර මාස 12ක් (PAO) තබාගත හැක. මෙම කාල සීමාව නිෂ්පාදනය විවෘත කිරීමෙන් පසු එය ආරක්‍ෂිතව සහ පාරිභෝගිකයාට කිසිදු හානියකින් තොරව භාවිත කළ හැකි කාලය යි.

නිෂ්පාදනය

Bio‑Oil® Dry Skin Gel නිෂ්පාදන ක්‍රියාවලිය රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වන ISO 22716: 2007 ප්‍රමිතියෙහි හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) හා සම්බන්ධ අවශ්‍යතාවලට අනුකූලව සිදු කරනු ලබයි. Bio‑Oil® Dry Skin Gel නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන සියලුම අමුද්‍රව්‍යවලට විශ්ලේෂණ සහතිකයක් (COA) ඇති අතර සියලුම ඇසුරුම් ද්‍රව්‍යවලට අනුකූලතා සහතිකයක් (COC) ඇත. තත්ත්ව පාලන පරීක්‍ෂණ සමත් වන තුරු කිසිදු අමුද්‍රව්‍යයක් හෝ ඇසුරුම් ද්‍රව්‍යයක් නිෂ්පාදන ක්‍රියාවලියට මුදා හරිනු නොලැබේ. මිශ්‍ර කරනු ලබන සෑම Bio‑Oil® Dry Skin Gel කාණ්ඩයක් සඳහාම අනන්‍ය වූ කාණ්ඩ අංකයක් ඇත. කාණ්ඩයෙන් ලබාගත් නියැදියක් ගෙන රසායනාගාරය තුළ එහි පෙනුම, වර්ණය, ගන්ධය, වර්ණාවලි දීප්තමාන හැඳුනුම්, ඝනත්වය, දුස්ස්‍රාවිතාව සහ ක්‍ෂුද්‍රජීවී පරීක්‍ෂා සිදු කරනු ලබයි. නියැදිය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි. Bio‑Oil® Dry Skin Gel පිරවීම සහ ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේ පාලිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇති පරිශ්‍රයක් තුළ යි. දූවිලි මගින් අපිරිසිදු වීම වැළැක්වීම සඳහා වාතය අධි කාර්යක්‍ෂම අංශුමය වායු (HEPA) පෙරහන් පද්ධතියක් හරහා ගමන් කරයි. නිෂ්පාදන දාමවල සේවය කරන සේවකයන් හිස්වැසුම්, මුහුණු ආවරණ, මූණත් පළිහ, අත්වැසුම්, කබා සහ පාවහන් ආවරණ පැළඳ සිටී. සාම්පල නියත කාල පරතරයකින් නිෂ්පාදන දාමයෙන් පිටතට ගෙන, තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව විසින් පූර්වෝපායක් ලෙස එහි ඇති අසාමාන්‍යතා දෝෂ පිලිබඳ පරීක්‍ෂා කර බලයි. නිෂ්පාදන බඳුන, කඩදාසි පෙට්ටිය සහ ප්‍රවාහන පෙට්ටිය මත කාණ්ඩ අංකයක් මුද්‍රණය කරනු ලබන අතර, එක් එක් නිෂ්පාදිත කාණ්ඩයෙන් රැඳවුම් සාම්පලයක් ගෙන එය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි.

ගබඩා කිරීමට උපදෙස්

Bio‑Oil® Dry Skin Gel ඍජු සූර්යාලෝකය නොවැටෙන සිසිල් ස්ථානයක ගබඩා කළ යුතු ය.

ප්‍රතිචක්‍රීකරණය

සියලුම Bio‑Oil® Dry Skin Gel ඇසුරුම් (බෝතලය, පියන, ලේබලය සහ කඩදාසි පෙට්ටිය) ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ය.

සහතිකකරණයන්

Bio‑Oil® Dry Skin Gel හලාල් සහ කොෂර් සහතිකකරණයන් ලබා ඇත.

සතුන් භාවිතයෙන් පරීක්‍ෂා කර නැත

Bio‑Oil® Dry Skin Gel සහ එහි අන්තර්ගත අමුද්‍රව්‍ය නිපදවනු ලබන්නේ රූපලාවණ්‍ය අරමුණු සඳහා සත්ව පරීක්‍ෂණ යොදා ගැනීමට අදාළ යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව යි. Bio‑Oil® Dry Skin Gel හෝ එහි කිසිදු අමුද්‍රව්‍යයක් Bio‑Oil විසින් හෝ එහි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් සතුන් භාවිතයෙන් පරීක්‍ෂා නොකරයි.

සත්ත්ව අමුද්‍රව්‍ය සහිතයි

Bio‑Oil® Dry Skin Gel තුළ ලැනොලින් අඩංගු වන අතර, ලැනොලින් යනු එය බැටළුවන්ගේ ලොම්වලින් නිස්සාරණය කරන ලද ඉටි වර්ගයකි. මේ අනුව, Bio‑Oil® Dry Skin Gel සත්ත්ව අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදනයකි.

පෙනුම වෙනස් වීම

Bio‑Oil® Dry Skin Gel වල පෙනුම වෙනස් වීම තත්ත්වයන් දෙකක් යටතේ සිදු විය හැක. පළමු තත්ත්වය වන්නේ ජෙල් දිගු කාල කාලසීමාවක් පුරා අධික ලෙස ඉහළ හෝ පහළ උෂ්ණත්වයන්ට නිරාවරණය වූ වීම යි; අධික ඉහළ උෂ්ණත්වයන් ජෙල් මතුපිට විජලනය කරන අතර, බඳුන විවෘත කර තැබූ විට මෙම විජලනය තවත් ඉහළ යයි. ඊට ප්‍රතිවිරුද්ධව, අධික ලෙස පහළ උෂ්ණත්වයන් මගින් ජෙල් මිදීම සිදු විය හැක. ඉහත අවස්ථා දෙකේදීම ජෙල් සුදු පැහැයට හැරීම සිදුවිය හැක. දෙවන තත්ත්වය ඇති වන්නේ නිෂ්පාදනය භාවිතය අතරතුර එයට ජලය හෝ වෙනත් ද්‍රවයක් එකතු වූ විට යි. පිටතින් එකතු වන ද්‍රවය වට්ටෝරුවේ ඇති තෛලෝදය සමග අන්තර්ක්‍රියා කර තෛලෝදකරණ ක්‍රියාවලිය ආරම්භ කරන අතර, එමගින් ජෙල් සුදු පැහැයට හැරීම සහ එහි සංගතභාවය වෙනස් වීම සිදු වේ.

ඇසුරුම්කරණය

Bio‑Oil Dry Skin Gel නිෂ්පාදනයේ රූපය